Kitchen
පැෂන් මූස්
මේ දේවල් අවශ්‍යයයි.
විපින් ක්‍රීම් පැකට් - 1
හොඳින් ඉදුණු පැෂන් ගෙඩි - 5
(පැෂන් පියුරි පිළියෙල කරගැනීම සඳහා)
බිත්තර - 10
සීනි - 500g
ජෙලටින් - 60g
වතුර අඬු කෝප්ප - 1 ½
පැෂන්
පියුරි පිළියෙල කර ගැනීමට ඉදුණු පැෂන් ගෙඩි දෙකට කපා තරමක භාජනයක් ගෙන
එයට මඳ සියල්ල සූරා දමන්න. දැන් වතුර අඬු කෝප්පයක් දමා හොඳින් බීට් කර
ගන්න.
පිළියෙල කරන්නේ මෙහෙමයි.
පළමුව විපින් ක්‍රීම් කෝප්පයකට දමා හොඳින් බීට් කර ගන්න. බිත්තර කඩා කහමද ටික වෙන්කර ගෙන භාජනයකට දමා හොඳින් බීට් කරගන්න.
දැන් තරමක භාජනයක් ළිප තබා එයට සීනි ග්‍රෑම් 500 සහ වතුර අඬු කෝප්ප භාගයක් දමා හොඳින් උණුකර ගන්න.
තරමක බෝල් එකක් ගෙන එයට උණු කරගත් සීනි (පැණි) දමා නිවෙන තුරු බීට් කර විපින් ක්‍රීම් සහ බිත්තර කහමද මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න.
දැන්
මෙයට පැෂන් පියුරි දමන්න. උණු වතුර ටිකක් කෝප්පයකට ගෙන එයට ජෙලටින් ටික
දමා හොඳින් දියකර මෙම මිශ්‍රණයට දමා හොඳින් කලවම් කර වීදුරු වලට දමා පැෂන්
ඇට වලින් සරසා ශීතකරණයේ තබා සිසිල් වූ පසු බීමට ගන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks